Friday, May 1, 2020

වැල්ලවත්ත

image-from
ඇල්ලුවා ආදරේ නාඩි
මදහාස කම්මුලේ රෝසි
වලකන්නෙපා වැහි බිංදු
කාන්දුවෙන්නට ආදරේ ඩිංගක්

ඔය දෑස හදවත සිපගත්තු
දඟකාරි හිත හිරි වට්ටාපු
ඇවිදිමුද යට වැහි බිංදු
මාත් එක්කල කෝච්චියක් එනකං

මඟට බර කොවිල් වත්තෙන්
කෙස්සට ගොඩවූ පිච්චමලේ
හිත අරන් වැල්ලවත්තෙන්
පියඹයි චූටි බටිච්චි මගේ

ඇත්තමයි මං නැලවෙන්නේ
ප්‍රේම ඔවිල්ලේ
දම් පාට මල් පිපෙන්නේ
කෝච්චි පාරේ පීල්ල ළඟ අයිනේ

තාලෙ : 
https://www.youtube.com/watch?v=fiAlruU48HI 

2 comments:

Loku John said...

මමත් ලියපු සටහනක් තියනවා ඒත් වැල්ලවත්තෙම අත්දැකීමක් මෙන්න ලින්ක් එක
මම අත්තම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

අනුරුද්ධ වැලිගමගේ said...

ලස්සනයි

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...