කෑලි කපාගෙන කළුවර ගින්න විකාරෙන්
කිල්ල මකාලයි සුදු දෝතියට නිගාවෙන්
නින්දෙ වැදී ඇයි අහසේ අන්ධ විලාසෙන්
වැස්ස වෙලා මේ සෑයේ ගින්න නිවාපන්
මලක් සේ අකුලෙ මා හද තුරුලේ හිනාවෙන්
උන්නු ඈ දැවේ මියැදී මටද මුවාවෙන්
දැවෙන ඈ මුරට රැකවල් නොවී පමාවෙන්
ඉන්න නෑ වරම් තනියට දුවේ කමාවෙන්
පින්න වැටීලා අලුයම ගින්න නිමාවෙන්
ඉන්න හැටි රැකී දාලිත් උන්ම කියාදෙන්
ධවල පිරුවටය අස්සෙන් යක්කු සිනාසෙන්
තැනක ගිය දුවේ දෙවියන් ඇතිද කියාපන්
පසුබිම් පුවත : http://www.ada.lk https://www.aljazeera.com
Picture : https://www.telegraphindia.com
0 comments:
Post a Comment