source |
අතීතයේ පැසවා
විසවූ වණය
රිදුණත් පතා කැසුවා
මොහොතක සුවය
දිවා රැයේ මැව්වා
මිහිරැති සිහින
අනාගතේ වින්දා
එන්නත් පෙරම
මනසේ දොර අරා
ඊයේ සහ හෙටය
අද ගෙවෙනවා
ඒ කාටත් රහසේය
බුදු හිමි ලොව්තුරා
දෙසුමුත් මේ දහම
මවනව කසනවා
අපි තව පුහුදුන්ය
සිතක විකසිත කවි
2 comments:
Why cannot we understand this?
I think hard part is applying :)
Post a Comment