source |
සේපාලිකා මල් හැලිලා මග දිගට
පාසැල් යන නුඹට පෑගෙනවා පයට
ආවත් එවන් බාදා නුඹ දිවි මඟට
සේපාලිකා මල මෙන් වීයන් සුවඳ
තවරා සුවඳ පළඳා අබරණ නේක
නටලා නාඩගම් මවුපියො නැති ගාන
ඉන්නා එකියලා මවනා සුර ලෝක
නැතුවට නුඹ හැඩයි හරියට සඳ ගාන
පවසා කවට බස් නෙක නෙක නරි වාද
එවලා හසුන් පත් පිට පිට පෙම් පාට
ගන්නට නුඹේ හිත එන උන් මනමාල
නොතකන් නඟේ හරි නුඹ ඔය යන පාර
අම්මා සඳයි පියතුම දිනකර දාට
ඒ ඉර හඳේ එළියයි නුඹ මගෙ ලොවට
පතුරා සොමි ගුණය මවුගේ දායාද
හිනැහී ඉන්න පිහිටයි දළදා නුඹට
පාසැල් යන නුඹට පෑගෙනවා පයට
ආවත් එවන් බාදා නුඹ දිවි මඟට
සේපාලිකා මල මෙන් වීයන් සුවඳ
තවරා සුවඳ පළඳා අබරණ නේක
නටලා නාඩගම් මවුපියො නැති ගාන
ඉන්නා එකියලා මවනා සුර ලෝක
නැතුවට නුඹ හැඩයි හරියට සඳ ගාන
පවසා කවට බස් නෙක නෙක නරි වාද
එවලා හසුන් පත් පිට පිට පෙම් පාට
ගන්නට නුඹේ හිත එන උන් මනමාල
නොතකන් නඟේ හරි නුඹ ඔය යන පාර
අම්මා සඳයි පියතුම දිනකර දාට
ඒ ඉර හඳේ එළියයි නුඹ මගෙ ලොවට
පතුරා සොමි ගුණය මවුගේ දායාද
හිනැහී ඉන්න පිහිටයි දළදා නුඹට
2 comments:
මාර ලස්සනට පද වැල් ටික ගොතලා තියනවා ........
බොහොම ඉස්තුතියි !!
Post a Comment