image-from |
හෙලෝ අම්මෙ කොහොමද දැන් සනීප හෙම ඔයාට
මෙහෙට වැස්ස හරි හරියට කොහොමද දැන් ඔහේට
තාත්තාට කියන්න ඔය යන්න එපා තෙමෙන්න
පහළ ගෙදර නැන්ද එනව නේද උදව් කරන්න
අපි නං ඔය වෙනද වගේ ඉන්නව ඔහෙ බලාන
කොහොමද දුව මහත්තයට අදත් වැඩද එයාට
දකින්නටත් ආසයි දැන් මගෙ පොඩි මුණුබුරාව
මේ ඇහුනද එන්න ටිකක් දූ අහනව ඔහේව
අවුරුද්දට පස්සෙ තාම දැක්කෙ නෑනෙ බොලාව
එන්නට මේ පැත්තෙ බොහොම අඩුයි වගේ වෙලාව
පුංචි පුතා ළඟ පාතක ඉන්නවාද බලාන
දෙන්න ටිකක් ටෙලිපෝනය දොඩන්න මං එයාට
අනේ සීයෙ ගමට එන්න මං ඉන්නව බලාන
ෆොන් එකයි අපේ ගමන් අඩු කළ කාරණාව
අම්මට නෑ ඇහෙන්නෙ මං මේ කියනා කතාව
ටික දවසක් ටෙලිෆෝනය ගලවාලා තියන්න
3 comments:
අපි ගෙදරින් කොච්චර දුරයිද කියලා මට මේ කවියෙන් මතක් උනා..
නමුත් ගෙදරට නම් අපිව හැමදාමත් ළඟයි ...
සහතිකෙන්, ටෙලිෆෝන්, ස්කයිප්, ඊ මේල් වගෙ දේවල් තියෙන නිසා ළඟටම ගිහින් බලලා එන්නට තියෙන වුවමනාව අඩු වෙනවා. ඒත්, ළඟට යන්නට විදිහක් ඇත්තෙම නැති වෙලාවටනම් මේ දේවල් හුඟක් වටිනවා.
Post a Comment