image-from |
දේදුනු පාටින් නෙක හැඩැති
සුරඟන රූ සායම් ගතෙහි
සිතුවම් ලා ගන්නට සිත් වී
සුරඟනකම ඇවිදින් සිතුනී
සායම් වගුරන ඇල්පෙනෙති
මුදු මල් පෙති හාරන විටදී
නා දළු මුතු කැට මැද සිරවී
දෑස පියාගෙන ඉන්න හැටී
කෙහෙරැළි අතැඟිලි සමඟ වෙලී
සිතුවම මත දඟ කරන හැටී
ඔබ නොදනී දොඩමළු කිරිලී
මුදු පහසකි ගීයකි මිහිරී
මා ඇඳි සිතුවම ඈ ගතෙහී
ඈ ඇඳි සිතුවම මා හදෙහී
තබා ඇදී යයි ඈ නික්මී
ටැටූ හිතේ ඇඳි කැවෙයි කිතී
නැඟී අසෙකු මත්තේ හාලී
අසරු උරෙහි සුවසේ එල්ලී
ඇගේ ලොවට යද්දී ඉගිලී
බලා හිඳිමි ගුලිකර සල්ලී
7 comments:
"අජානේන ඉස්කූටර තුරඟා පිට වඩිනා..
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා.."
අන්තිම කවිය කියවද්දි මට මතක් උනේ මේ සිංදුව..
කවි පෙළ ලස්සනයි..
හාලි ඩේවිඩ්සන් ඉස්කූටරේට වඩා හයියෙන් යනව මයෙ හිතේ :)
ඇගයුමට තුති !!
ලස්සනයි...
ස්තුතියි ..!
හරි සෝක්...
ඇත්තටම ලස්සන කවි පෙලක් රසික....
@amila chathuranga
:D තුති !!
@Dinesh
ස්තුතියි බොහොම දැනුනු හැටි කීවාට !!
Post a Comment