image-from |
නීල අරණට සීත මීදුම
අඳුර ගේනා හැටි බලා
දෝත හැර රළු මාගෙ උණුසුම්
සියුමැලී අත්තටු සලා
ඈත දුර පීදුන වසන්තය
සොයා ගිය මා හැර දමා
ආයෙ ඇවිදින් පාළු අරණට
කිරිල්ලී සෙනෙහස සොයා
ප්‍රේමයේ මල් සුවඳ හැමුවත්
ඔබ ළඟින් වාගෙම එදා
මාගෙ හද ගිනි දවාවී ඔබ
සීතාව නොවනා නිසා
යාව ආයෙත් වෙන්ව යන්නට
නොවෙමි රාමා ඔබ පෙළා
සීත මුසු අඳුරම සදයි සුව
හද දැවූ එළියට වඩා
අඳුර ගේනා හැටි බලා
දෝත හැර රළු මාගෙ උණුසුම්
සියුමැලී අත්තටු සලා
ඈත දුර පීදුන වසන්තය
සොයා ගිය මා හැර දමා
ආයෙ ඇවිදින් පාළු අරණට
කිරිල්ලී සෙනෙහස සොයා
ප්‍රේමයේ මල් සුවඳ හැමුවත්
ඔබ ළඟින් වාගෙම එදා
මාගෙ හද ගිනි දවාවී ඔබ
සීතාව නොවනා නිසා
යාව ආයෙත් වෙන්ව යන්නට
නොවෙමි රාමා ඔබ පෙළා
සීත මුසු අඳුරම සදයි සුව
හද දැවූ එළියට වඩා
9 comments:
පට්ටයි සහෝ! තේරුමයි පදයි දෙකම ලස්සනයි.
හරිම ලස්සනයිනෙ මේ පද ටික!!! අදමයි මෙහාට ආවෙ.. හරිම ලස්සනයි...
@ Kasun
බොහොම ස්තුතියි මිතුර !
@ හිතුවක්කාරි
තුති !! සතුටින් පිළිගන්නවා !
ඇත්ත.! මොකටද අත් ඇරපු දේවල් ආයෙම ළඟට ගන්නෙ? අන්තිමට දුක අපිටම යි..
කවි ටික ලස්සනයි..
පුහුදුන් මිනිස් සිතේ හැටිනෙ.
බොහොම ස්තුතියි !
සුන්දර කවි පද පෙලක් ..ඔබේ අත්දැකීමක් කවියට නගුවා වැනියි
ස්තුතියි මිතුර ! සුලබ නූතන සමාජ සංසිද්ධියක් රමායණයේ පසු කතාව ඇසුරින් දැකීමට උත්සාහ කලා පමණි :)
වචන ගැලපීම මරුය කවියේ තේරුමත් ඉතා ඉහලය ජයවේව!!
බොහොම ස්තුතියි ය :)
Post a Comment