image-from |
දොළොස් මසක් ගෙවී
දුක හා සැප තිබු පිරී
රෑ තිස් එක සැණකෙලී
නිම වී විත් ජනවරි
අපි අහන කියන එවා
මල් වගේ සුවඳ වේවා
දන සිත් දනට නැමේවා
සාගින්න නිමා වේවා
තරු පිරී නුබ සරී
හිතවත්කම් වට සැදී
දුක් ගිනී මඟ හැරී
හිනැහෙන්න සුබාසිරී
දින දසුන ඇන්ද මායා
බොරු වී අයුබො වෙවා
ලෙඩ දුක් හැම දුරු වෙවා
මුළු ලොව සුවපත් වෙවා
කිරි පැණී පිරි තිරී
ඔක්කොටම කරල පැහී
කඳුළට ඉඩ කඩ නැතී
අවුරුද්දක් පතනෙමී
5 comments:
ඉස්පිරිතාලෙ ලන්දේසී
කන්නට අපිට නෑ කාසී
"උයපු" කකුළු මස් දීසී
කමු මේ අවුරුද්දේ වෙහෙසී
මෙම කොමෙන්ටුව හුදෙක් පෞද්ගලික හැදුනුම් කමක් නිසා ලියැවුණු බව අනෙකුත් පාඨකයින් සැලකුව මැනවි... :)
අගෙයි අදහස ජාති !
ඉතිරෙන හැමටම කිරී
අවුරුද්දක් එයි සරී
ඇතිනම් සිත සුව පිරී
හිනැහෙන්නට ඇයි බැරී
කවිනං දන්නේ නෑ මලේ ජය වේවා.....
@ සයුරි
සිතේ සුව හා සරි
ඇතිද වෙන කුමක්හරි
අගෙයි අදහස සයුරි
එකඟයි මමත් ඔබ හරි
@ ඔබ නොදුටු ලොවක්
බොහොම තුති වේ ඔබට අයියේ ...!
Post a Comment