image-from |
අළු කොබෙයි පවුල බිත්තිය උඩ ගෙයක් හදාගෙන
බිත්තිය පිට බේරෙනවා උන්ගෙ වසුරු කැත
දන්න එකක්දැයි උන් මේ ගේ දොරකඩ බව
පොඩි පැටවු පියාඹනකන් විතරයි උඹලට ඉඩ
රෑ පවා ඇහෙන උඹේ පවුල බෙරිහන් දෙන හඬ
නිදා ගන්න නෑ වැඩ අහවර වී ආවම
එළවන්න හිතෙන හැම වෙලේම මතක් වෙනව මට
පොඩි දරුවො අරන් උන් හිටි තැන් නැතිව වින්ද දුක
පෙම් මාලිගාවෙ කිරුළු දරන් උන්නේ කුලියට
ඒ කිරුළු පවා උගස් කළා පැටවු රකින්නට
ඈ මැලවුණු වත සාක්කි දෙයි හෙලපු දහිරියට
සඳ මඬල ඇයයි නිදනා මගේ සා පැටවුන් හට
එන අවුරුද්දට හුණු ගානව අපේ ගෙදර වට
හදා ගත්ත දහඩිය කඳුලැලි පිරියම් කර
හිමින් දොඩාපන් මගෙ පොඩි පැටවු නිදන කොට
අහිතක් නෑ ඉඳපන් අපෙ පුංචි වහල යට
4 comments:
ඔයාගේ වෙබ් එක ගොඩක් හොඳයි.. අපි හිතනවා ඔයාට හොඳ හැකියාවක් තියනවා කියලා.. අපේ සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ දක්ෂතා එලි දක්වන්න හොඳ media එකක් මේ නොදියුණු ලකාවේ නැහැ.. ඒවා තිබුනත් ඒවායේ මෝඩයයි අදක්ෂයයි තමයි රජ කරන්නේ.. කොහොම උනත් මම ඔබට සුබ පතනවා දිගටම ලියන්න... ඔබගේ අඩවිය තුලින් සිත පිරිසිදුවම ලෝකයටත් මනුෂ්යාටත් හොඳක්ම කරන්න.. .
ස්තුතියි..
අපි
Sri Lanka E-news Link
අපි ඔබගේ වෙබ් අඩවිය ගූගල් PR අඩවියක් කරන්නෙමු..
(We are genius to make the Google PR of your site increase.)
@ jacksonlibrary
ඇගයුමට, සුබ පැතුමට ඔබේ බොහොම ස්තුතියි !
ලස්සනයි.. අවසානය ගොඩක් ම..
ස්තුතියි හසිතා බොහෝම !
Post a Comment