image-from |
අතීතයේ දුර පොළෝ ගැබට
තනි තරුවක් අහසින් වැටුණු හැටී
කියා දෙන්න මට බලා ඉන්න යළි
තරුව අහසෙ දුර දිලෙන හැටී
කතා නැතිව ඇස් දිහා බලගෙන
එකම හීනයක් දැකපු හැටී
කියා දෙන්න මට හමු වූ මොහොතක
ඔබේ දෑස මඟ හරින හැටී
අපේ කතාවල සුපෙම් ලතාවට
ලැජ්ජාවෙන් සඳ වැසුණු හැටී
කියා දෙන්න දිව නුහුරු බසින් හෙට
ඔබේ නමින් අමතනා හැටී
පියාඹන්න දුර මිදී මගෙන්
මේ අහස ඔබෙයි ඔබ කියන හැටී
කියා දෙන්න මට ඉගිල්ලෙන්න
මේ ඉරී රිදෙන තටු සලන හැටී
කඩා ගන්න මිස හදා ගන්න බැරි
හිතේ හැඩය ඔබ වෙච්ච හැටී
කියා දෙන්න මිතුරියක කියා ඔබ
මගේ හිතට බොරු කරන හැටී
7 comments:
මිතුරිය යම් කලක ්සිටි පසු වෙයි පෙංවතිය..
පෙම්වතී යලී කෙලෙස වෙද මිතුරී .
ගැයු ගී ඔබ හා අත් වැල් පටලා
හිරු බැස යන තුරු අඳුරු දිදී
කියා දෙන්න මට නුහුරු ස්වරයකින්
වෙනකෙකු සමඟින් ගයන හැටී...
අඳුර වැදී ගී තනුව සිඳී ..
පංකාදු පහයි :)
බොහොම ස්තුතියි :D
සිතක් ඇලෙන හැටි... :)
Post a Comment