image-from |
අර කෝච්චිය යයිද
මේ කෝච්චිය යයිද
කෝක ඉක්මන් වෙයිද
කලබලයි මසිත හරි
අනික ඉක්මනින් යන
සෙයකි දැන් පෙනෙන්නේ
යකඩ කට කීවේත්
යන බවය එය දැන්ම
බසිමි මම බසිමි මම
දුවමි එය අල්ලන්න
මෙතෙක් දුර ගෙනා මා
ආයුබෝවන් නුඹට
ගුවන් පාලමෙ උඩට
තියෙන අන්තිම පඩිය
නඟින මොහොතේ ඇසුණ
හූව කීවේ මට ද ?
දුම් රිය ම හුන් යතී
පැද්දි පැද්දී ඇදී
අපරාදෙ බැස ආවෙ
මසිත දැන් පසුතැවේ
එහෙට මෙහෙ යන සෙනඟ
බාල කල මගෙ ගමන
අනෙක් දුම් රියත් දැන්
හූ කියන්නේ යන්න
නැකත හරි නෑ වගෙයි
ගෙයින් එළියට බැස්ස
ගුවන් පාලම මතින්
නැඟෙන කළු දුම් සුසුම්
බසෙක නැඟ පමාවී
කලබලෙන් වැඩපොළට
දුවන හැටි මතක් වී
දැනුත් මට හති වැටේ
දැනුයි දැක්කේ තවත්
මා වැනිම අය අවට
නැතිය මා මෙහි තනිව
හදා ගත්තෙමි මසිත
කොටුව පියමං කරමි
හනික බසයක් ගනිමි
දැන්ම මින් පිටව යමි
කෝ ටිකට් පත කොහිද ?
2 comments:
කෝච්චිය මිස් වෙච්චි එකේ රහ දැනිල වගේ...
මේ අයුරින්ම නූනත් හරිම රසවත් අත්දැකීමක් :D
Post a Comment