image-from |
අපට බත් දෙන්න අප්පා දරට ගියෙ මගේ
පොළව ඉරි තලන ඉර ගිනි බිඳින කූටකේ
හෙළන දහඩියෙන් නුඹේ මල් සුවඳ වෙයි වනේ
අජානේය රථ සවාරි යයි හැටට හැටේ
නුඹේ හිත හයිය දැකලා මහ ගසුත් නැවේ
උසට මිටි බැඳන් දර මහ ගොඩක් සයිකලේ
වාරු නැති උනත් අත් වාරුව නුඹයි අපේ
සත්තු මඟ බහින හැන්දෑ අඳුර එන වෙලේ
අපේ පැල තාම අඳුරුයි පහන මඟ කැලේ
දෙයියො වැඩ ඉන්න වනයට අරක් ගෙන අනේ
අන්තරා නොකර අප්පා රැකදෙන්න අපේ
4 comments:
නියමයි... දර ගෙනියන කෙනෙක්ගෙ පින්තූරයක් දැම්ම නම් අගේ කියන්න බෑ..:)
ස්තුතියි ! ඒ වගේ පින්තූරයක් හෙව්වා. හම්බවුනේ නෑ :D
තාත්ත ගැන ලියල තියෙන සංවේදී කවි පන්තියක්.මේවගේ ඒවා කොතෙක් ලිවුවත් කියවන්න එපා වෙන්නේ නැ..
බොහොම ස්තුතියි !!
Post a Comment