image-from |
ලස්සනම වචන තොරමින් හැඩ කර ඇතිරු
කතාවට ආදරෙන් බොහෝ අය කල ඇසුරු
කාලයක් තිබුණි මේ පොතට ඒ වගෙ සොඳුරු
කතාවේ කඩ ඉමක අරුත විසිරී ගියා
තමාවම නොතේරී පොත විකල් වී ගියා
එකෝමත් එක පිටක ඉවර කර නැති ලියා
සුන්දරම වචන ලස්සනට තියෙනවා ලියා
සුදුම සුදු පිටු තවත් රාශියක් තියෙනවා
හුරු පුරුදු වචන තාමත් ඔහේ ලියනවා
කිසිම තෙරුමක් නැහැ බලන අය කියනවා
කතාවක් නැතත් තව පොතට පණ තියෙනවා
4 comments:
අපූරුයි..
ස්තුතියි !
විශිශ්ට ගැලපීමක්
තුති අදහසට !
Post a Comment