image-from |
දෙපා මඩ වැකුණු ගල් ඇනී දැන් රිදෙනා
මඟෙහි දුෂ්කර විටෙක මල් පෙතිද තිබුණා
අත්ල මත දිය බුබුළු රැඳි බරට නැඟුනා
මැදී ගස් අතු සමඟ ඉරී සම ඇරුනා
තැනිතලාවයි නිවන
දාහය ගතේ ගිමන
සීතල සුළං හමන
වැතිරී සුවෙන් සිටින
බියෙන් පය ලිස්සාද හදින් පෙර ගැහෙනා
දුටුවෙ බෑවුම පමණි ලිහී ගල් වැටෙනා
මුදා බිය වැතිර සිටිනා විටදි පෙනෙනා
උසයි තව කන්ද හිස වළාවෙන් වැසුනා
රුධිරය ගතේ නිවුන
මිදී සීතෙන් හමන
හැක හුස්ම නවතින්න
යළි නැඟුම නිම නොවෙන
6 comments:
මරු කවිය...
ස්තුති ය !
100% positive thinking..:))
That depends. You took a positive view point :).
ජීවිත්යේ යථාර්තය ගෙත්තම් කල අපූරු කවක්
බොහොම ස්තුතියි !
Post a Comment