image-from |
සිහිනය සොයා
දෑසම වසා
ගියදා පාළුවේ
මුදු සුවඳ ලා
හිත ළඟ ගයා
පිපිලා මාවතේ
රහසක ලියා
පතුලේ නොලා
සඟවා සාගරේ
අහසක ලියා
ඒ මල තෙමා
වැස්සා ආදරේ
විස කටු නෙළා
මල් ඉවතලා
තනලා මාළිගේ
හද එහි හොවා
මතකය මරා
වලළා පාදමේ
කඳු හෙල් පවා
සසලව බලා
සිටියා සීතලේ
ඔබගෙන් පලා
යන මා දිහා
අවුලා ආදරේ
සඳ රෑ පුරා
ඉවසා බලා
සිටියා මා කෙරේ
සඳ බැස ගියා
උදයේ පවා
අඳුරුයි මාළිගේ
7 comments:
එල... පද ගැලපිම එල ..
සුපිරි....
@ නිම්ශා
බොහොම ස්තුති යි !
@ ඉන්ද්‍රජිත්
බොහොම ස්තුති යි !
නියමයි :)
ස්තුති යි !
විශිෂ්ටයි
ස්තුතියි
Post a Comment