image - Udara n Suri |
සුසුම් දිගේ ළයට වඩින සීතල සුළඟ
සුවඳ නුඹේ ගෙන ඈතට යන්නට හදන
යහන් තලේ පැතිරෙන ඒ වත්සුණු සුවඳ
අඳුර ගෙනේ මා හට අඳුරට අත වනන
සඳළුතලේ පාමුල නිම්නයෙ දුර පෙනෙන
නුවර දිලේ අඳුරේ කඳු අතරේ තවම
මතට නිවේ නෙතු නිදිබර නැතිමුත් තවම
අඳුර පෙනේ නොපෙනේ ළඟ පාතක එළිය
ආදරයට පාර කියා දුන් වැව රවුම
ඇයිද බලා හිටියේ අප යන තෙක් දෙපස
කඳුළු නුඹේ ගිලගත් රුදු වැව් දිය නිහඬ
එහෙව් වැවට තාමත් හඳ පායයි සොඳුර
0 comments:
Post a Comment