![]() |
image-from |
රතු පාට දුර අහස ඒ පාට නුඹෙ දෑස
වැහිබරයි සැඳෑ අහසට වඩා
සැන්දෑ සුළං සීත නිහඬයි නුඹේ වචන
සුළඟ හෙමි හෙමින් ඉකි බිඳිනවා
වසන්තය දුර ඈත නොවේ නුදුරේ නේද
හොවා තුරුලේ රෝස මලේ සිහිනේ දෑස
දකින්නේ අපේ මල් උයනදෝ
වැටෙන්නේ තුටු කඳුළු බිංදු දෝ
මලානික හැන්දෑව කොහේ යන්නද තාම
බොහෝ කලකට නුඹව හමුවන්න බැහැ අපට
දවසකට වඩා සඳ කෙසේදෝ
නෑවිදින් අහසට හිඳින්නේ
7 comments:
finally..finally.. :)
වියෝව හැන්දෑවට උපමා කිරීම අපූරු සිතුවිල්ලක්!!
:D
බොහොම තුති ! දිනක වියෝවත් හැන්දෑවක්නෙ.
හැන්දෑව.. සුන්දර වගේම අසුන්දර මොහොතක්..
ලස්සනම ලස්සන කවි පෙලක්...:)
@Dinesh
ඒ දෙකම නිස්කලංකව විඳින්න පුළුවන් වෙලාවක්
@ හිතුවක්කාරි
බොහොම ස්තුතියි !
//දවසකට වඩා සඳ කෙසේදෝ
නෑවිදින් අහසට හිඳින්නේ//
ලස්සනයි වගේම අර්ථාන්විතයි...
බොහොම තුති !!
Post a Comment