image-from |
වියළි කතරට වැස්ස
ඉඳ හිට වැටෙයි
අහසත් අපිත් එක්ක
පොළවක් සිතයි
වැහි බිංදු වියළි පස
සමඟ මුහු වෙයි
උඩ නැඟෙන දුහුවිල්ල
නැවුම් සුවඳයි
දියෙන් බොහොමයක් යළි
අහස හා මුහු වෙන්නෙ
බොහොම ඩිංගයි පොළව
කිමිදී වෙලා ගන්නෙ
නිල් අහස යට කතර
එදා වාගෙයි තාම
දුඹුරු පසුබිමෙ තැනෙක
ඉඳ හිට පතොක් හැදෙන
මෘදු බඳෙක කටු තියෙන
6 comments:
හරි අපූරුයි
කවි පොඩ්ඩ ...!
“අහසත් අපිත් එක්ක - පොළවක් සිතයි“.. අහස කවද ද පොළවත් එක්ක හිටියෙ? බොරුවට පොළව හීන දකිනවා, රැවටෙනවා විතරයි!
නිල් අහස යට කතර
එදා වාගෙයි තාම
දුඹුරු පසුබිමෙ තැනෙක
ඉඳ හිට පතොක් හැදෙන
මෘදු බඳෙක කටු තියෙන...
හරිම අපූරුයි...
@ගාමිණී විජිත් සමරකෝන්
බොහොම ස්තුති !
@හසිතා
ක්ෂිතිජය සිහිනයක් නමුත් වැස්ස සැබෑවක් නොවෙද
@ප්රාර්ථනා
බොහොම ස්තුති !
ලස්සන සිතිවිල්ලක්
තුති !
Post a Comment