image-from |
හිතට හිතෙන හඬ අහන්න මල් නොපිපෙන උයනේ
කටු වලටත් නොරිදෙන්නට පය තියන්න අකුලේ
මිහිදන් කල පෙමක පුරා වත කියන්න රහසේ
හිතං උන්නේ නුඹ ගියාද මටත් නොකිය අඳුරේ
පොදක් විඩා නිවා ගන්න අතර මඟදි රැඳුණා
උණත් නුඹට කටු අකුලේ මලක් වෙන්න තිබුණා
අවන්හලත් නිදි වැදුණා සඳ මුදුනට ආවා
මලක් මඟදි මුණ ගැසුණා නුඹද කියා සිතුණා
2 comments:
කාලෙකින් කවියක්.. ලස්සනයි..
බොහොමත්ම ස්තුතී :)
Post a Comment