image-from |
තදින් වැහි වැටෙන සවසක ඉරත් හැංගෙනා ඉක්මන
විහඟුන් ද අහස අතහැර නවාතැන් සොයන අන්දම
අරගලයෙ ලෙය වැහි දිය සමඟ එක් වෙනා ගොම්මන
නිදහසද ඉමක නවතිනු ඇතයි කී නුඹෙ මතක පෙම්බර
බැඳෙන්නට තබා අතැඟිලි සිතින්වත් නොඅල්ලා හිඳ
නොහැකි වෙද පෙමක් පවතිනු සිනා වත බලා සැනසෙන
ඇසූ සඳ තවත් ලං වී සුසුම් ලූ නුඹේ හසරැලි
මතක් කරනවා මැයි ගස් මතක මං පෙතෙහි වම් පස
විඳීමක නොමැති පහසක් සිතීමක තිබෙනු නොහැකිද
සුවඳ බඳු නුඹ ළඟින් නැති විටත් දැවටෙනා
තැවෙන්නේ මන්ද හදවත කුටුම්බය දකිද්දී නුඹෙ
නිදහසම ප්‍රේමයද ? සිතිවිලි දෝංකාර දේ
පසුබිම : No one is free, even the birds are chained to the sky ~Bob Dylan
3 comments:
අවුරුදු ගානකට පස්සේ නේද? කොහොමද අලුත් විස්තර?
ඉතින් ඉතින් ආයුබෝවන් ! අවුරුදු තුනයි නෙහ් :D. අලුත් වෙන්නෙ වැඩ තමා ඉතින්. සෑහෙන කාලයක් කුරුටු ගගා හිටපු එකක් ලියල දැම්ම. අක්ක නන් ලිවිල්ල රැකගෙන වගේ. නියමයි ! බොහොම සන්තොසයි ආ එකට !
So so happy for the Return.
Post a Comment