source |
සිප් සතර ලබනයුරු බැතියෙන්
හා පෙමින් බැඳෙනයුරු රහසින්
කවුරුවත් නැති විට ද තනියෙන්
කැරකි කැරකී ඉන්න ඇති බලන්
ඉන්න ලෝකේ මනෝ සරමින්
දුන්නෙ කමටහන් නුඹ මැනවින්
තණ්හාවෙ සීලිමට ඇලෙමින්
සංසාරෙ තාම අපි කැරකෙන්
පිය දෑස වසා තද කරමින්
ගලන දහඩිය බින්දු පිසිමින්
කැරකෙන්න කැරකෙන්න හයියෙන්
රත් වෙච්ච ඔළුවට උඩින්
0 comments:
Post a Comment