source |
සෙවනැල්ල ළඟ නැති වෙලාවක
සයුරු තෙර හිඳ කල්පනාවක
දෙපා ගිල්වා වැලි තලාවක
සාගරී හා හුදෙකලාවක
මවා පෙණ කැටි හොවා පහසක
එවා රළ පෙළ කරන ඉඟියක
අරුත නොම වැටහුණු විලාසෙක
විඳී රූ සඳ ඈත අහසක
බිඳී ඉවසිලි සෙනෙහෙ සයුරක
රැගෙන වැලි පා මුලින් ඉවතක
වාරු සිඳ නංවාන රැල්ලක
යන්න ඈ අර අඳී ඈතක
0 comments:
Post a Comment