නිදහසේ ඉගිලෙන්න
බර උනත් තටු දුන්න
බෝ දේ කියා දුන්න
සොඳුරු සරසවි වරම
දැනුම මිණි පහනක්ය
මිතුරුකම් සවියක්ය
දහඩියම සුවඳක්ය
ඔබ කියා දුන් සත්‍ය
ගී කීව අප නැටුව
දෝතින්ම හඬ තැලුව
මිහිර හද රස ගෑව
නැතුවාට සෘති තාල
ජය ගොසම රැව් දුන්න
උරෙනුර හැපී ගැටුන
කෙළි මඬල තනි වෙයිද
සෙල්ලමට අප නැතිව
සුදුද කළු අළු චරිත
අඩු වැඩිව අප තුළම
වෙසෙනයුරු පසක් කළ
අපූරුම රඟ මඩල
උදෑසන අරුණැල්ල
විඩාබර සැඩ අව්ව
සඳේ මුදු හසරැල්ල
ඔබ සමඟ මා වින්ද
සබඳ මා සරසවිය
බසින මේ හිරු එළිය
මට කියන පණිවිඩය
සමුගැන්ම ළඟ බවය
12 comments:
සබඳ,
ඇස් වලට කඳුළු ගලන කවි ලියන්න ඔබට අයිතියක් නැත...සැබැවින්ම හදවත මොහොතටකට නිසල විය...
~මතකයි මට~
ඔබ පේරාදෙණියේද? මොරටුවේද? කොහේ වුනත් කවි පද නම් උපරිමයි!
@මතකයි මට
සොඳුරු මතක අවදිව ඇති හැඩයි ...
@Deepika Priyadarshani
මොරටුවෙ මි. බොහොම ස්තුතියි !
ලස්සන කවි පෙලක්.. හරිම අපූරුයි..
ඇගයුමට තුති !!
අනේ, ඉතින් අපි සමු අරන් ඉවරයි නෙ..! ඒත් මේ කවි සිහි කරන්නේ ඒ ලස්සන මතකයයි..
මම "මතකයි මට" සමඟ එකඟ වෙමි.. හදවත සසල වන කවි ලියා අප ඇඬවීමට ඔබට අයිතියක් නැත..
@හසිතා
ලස්සන මතක සිහිකර හඬනු කිම සිනාසෙනු මිස :)
මොරටුවේනං වෙන්න බෑ..
මේ සුමනදාස බිල්ඩිම නේද? නිකමට අහන්නේ..රසික මොන ඩෙප්ට් එකේද?
අගෙයි කවි ටික...
@ ඔබ නොදුටු ලොවක්.....
:O ඒ මොකද ?
@ සයුරි
ඔව් :) CSE
බොහොම ස්තුතියි !
සයුරිත් මොරටුවෙ වගේ
නියමයි...
ඔව් ඔව් මොරටුවේ විතරක් නෙමේ..මමත් CSE :)
හරිම සතුටුයි :)
Post a Comment