image-from |
ගියත් මිදී කැදැල්ල විහඟුන් නොවෙතී
තැනක් නැතී හෙට කොතැනද කිව නොහැකී
සොයා ඇදී යයි දිවි රකිනා කාසී
හිරුද නැඟී පෙලුවත් ගත දවා නිතී
නොහැක මිදී යන්නට ඉන් තව රැකෙතී
ළයම පිරී දූවිලි දුම් රොටු කැරළී
ගැහෙන රිදී ළය තුළ හද නැහැ කිලිටී
දියෙන් තෙමී ගත දහඩිය මුගුරු නැගී
පසත් පෙඟී ඒ දහඩිය සුවඳ දෙතී
වැසිත් වැටී තෙමුවත් ගත හරස් වෙවී
සඳත් නැඟී කුසගින්නට රැයක් නැතී
5 comments:
මසිත ඇදී යයි මේ කවියට ම බැඳී
සිනහ බිඳී රිදවයි හිත දුක ම දිදී
පොළොව කොටන තැන...පාර තනන තැන...
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ...
"නැතිබැරි කමයි උඩු හුලඟේ ලනු දෙපොටින් වැනෙන්නේ...
සව් දිය පුරන මහ පොළවට අපි දහදිය වඩන්නේ..."
දහඩියේ තියෙන සොඳුරු රසය දන්නෙ දහඩිය වගුරපු මිනිස්සු විතරයි කියලයි මට හිතෙන්නෙ...එහෙම මිනිස්සු ගැන හිතිච්ච එකත් ලොකු වටිනාකමක්...
@සයුරි
ඇගයූ පැදී පෙලට මේ මල් තුතී
@හසිතා
අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දෑතේ විරියෙනි රටවල් නැගුනේ ...
@I cant explain it
ඒ මිනිසුන්ට මේ ලියමන උපහාරයක් ම වේවා !
යථාර්තයක් කවියට අරන් තියනවා ......
Post a Comment