image-from |
තුරු හිසෙක පැළඳි ලා දළු වලින් පෙරී බිම වැටිලා
උරා බිඳු තුසර මල් කැකුළු විකසිත කරන සිඹලා
පවා දිනකර වෙනස් වන අයුරු යද්දි කල් ගෙවිලා
නැඟී අහසට චණ්ඩ හිරු රැසින් ඒ මල ම දවලා
පඬු පාට සිවුර ලා සන්සුන්ව බොහෝ දේ හැරලා
පොඩි සාදු ගෙයින් ගෙට පිඬු සිඟා වඩිනවා දැකලා
අහනවා කවුද රහසින් කොහිද දුවන්නේ නුඹලා
මමය මාගේ කියා බොහෝ දේ හිතේ පොදි බැඳලා
රිය සකට කලබල ව උඩ නැඟෙන දූවිල්ල වැදිලා
වැට ගාව වතුසුද්ද ගහේ මල් කිලිටි වෙයි කියලා
බිම තවන අයුරින්ම සිසිල් දිය දොරකඩට ඉහලා
රැකුම බෝසත් මඟයි සිත් මල කෙලෙස් දූලි නිවලා
5 comments:
සාදු සාදු සා.......
අපූරුයි යාළුවා..
ස්තුතියි මිතුර !
හරි ම අපූරුයි.. දැන්වීම් පුවරුවට තවත් එක කවියක් එකතු වේවි. :D
බොහොම ස්තුතියි ! හරිම සතුටුයි .
Post a Comment