ක්‍රෝධය ඉපිද සිත හා ගත දැවූවේ
ප්‍රේමය වැඩූවක අනියත සොබාවේ
කාලය ගෙවී යයි කෝපය තුනීවේ
සෝකය ඉතිරි කර සිත් වේදනාවේ
ගේකය සැදූ තණ්හා අප විසූවේ
වාසය දුකම පමණයි නිති ගෙනාවේ
රාගය මියුරු ඵලයයි රති වගාවේ
මාරය දියණි හමුවේ අප මුලාවේ
මාගෙය කියා නැතිමුත් කිසි ගෙනාවේ
මාමය කියා සිතමින් අප උදම්වේ
ලෝකය බෙදුණු දා නිරයත් සිනාවේ
මානය සිඳුණු දා සාමය උදාවේ
අදහස : ධම්මපදය ඇසුරින්
ස්තුතිය : ප්‍රස්තුතය ලෙස ජායාරූපය ලබා දුන් හසිතා සොයුරියට
8 comments:
මම හිතුවෙ දැන් ඒ පින්තූර ටික අමතක වෙලා ඇති කියලා. සතුටුයි.. ලස්සනයි.. ඒ වගේ ම ඇත්ත.
ඒත් මේ වගේ කවියක් ලියයි කියලා නම් හිතුනෙ නෑ. :)
ස්තුතියි ! ඔව්, පින්තූරය තුල නොයෙක් අදහස් තියෙනව.
මේ පින්තූරෙ දැක්කම තේරෙන්නේ තේරුමක් නැති ක්‍රියාවක් විදිහට.. ඒත් ඒ මනුස්සගේ හිතේ ශක්තිය හොදින්ම පේනවා...
එකඟයි ! පින්තූරය ගෙන එන ප්‍රමුඛ පණිවුඩය එවැන්න්නක්. නමුත් මා විමසූයේ ඉන් පිළිබිඹු වෙන ක්‍රෝධය, තණ්හාව හා මානය හමුවේ සාමය නැසෙන ආකාරයයි.
තණ්හා කැණි මඩල දෙදරා වැටෙන්නයි
මානය සිඳී සාමය රජ කරන්නයි
මෝහෙන් මිදී තුන් සිත සිල් රකින්නයි
නිරයට නොදී නිවනට පණ පුදන්නයි...
මේ කවි බොහොම වටි....
@Dinesh හොඳට බලන්න.. යුද්ධ ටැංකියට පහර දෙන්නෙ පොඩි ළමෙක්. එයාගෙ තේරුමක් නැති උත්සාහය ගැනත් ඒ ළමයව ඔය තත්ත්වෙට පත් කරපු සමාජය ගැනත් කතා කරන්න පුලුවන්. (පින්තූරයෙන් පෙන්නන්නෙ පලස්තීන-ඊශ්‍රායල් යුද බිමක්.)
@ සයුරි
මේ තුති මල් තව අදහස් පිපෙන්නයි
@ හසිතා
පින්තූරයේ පසුබිම කීවාට තුති
විවිධ පැතිකඩ එහි ඇති හැටි
යුද්ධය අපිව පස්සට ඇදල දමාපු යුද්ධය අයෙත් එපා !!
Post a Comment