image-from |
රන්වන් පැහැය ගත්ත වැල්ලෙන් වටයි රටක්
මුතු ඇටයකී සයුරෙ දිලෙනා
වන්නම් රබන් පදත් සීපද නැටුම් කවිත්
තාලෙට ඇසෙන එහඬ අගනා
පීදෙන ගොයම් කරල් වෑ දිය පිටින් පෙනෙන
සීතල සුළං රොදට සැලෙනා
තේජස අහස සිඹින දාගැබ් උසට සුදට
සීගිරි මැදුරු පුදුම හිතෙනා
තෙවරක් බුදුන් වැඩිය පින්බිම මෙයයි මිහිරි
ඝණ්ඨා නදින් සිතම පිරෙනා
අමිලවු මැණික් නිදන් ගතවී තිබෙන පොළව
වන රොදය නිතර වැසි වසිනා
කන්දෙන් සුසැදි මිහිරි දල්ලෙන් තැනෙන තේ
පානය වනයි පවා එතෙරා
සෙල්ලම් වලින් ඔට්ටු වෙන්නට බයයි ලොවම
විස්කම් හපන් ගැටව් ඇතුවා
මනරම් දසුන් මවන ඇල්ලෙන් දියෙන් පිරුණ
ගංගා මෙදිවයිනෙහි බෝමා
දළදා හිසින් ඇතුගේ වඩනා අලංකාර
පෙරහැර කරන නුවර සොබනා
නෙක සිරිත් හුරු පිරිස් සතුටින් එකා වන්ව
මහනෙලක පෙති වගේ ඉන්නා
එඩිතර පුතුන් වීර පණ නල පුදා රැක්ක
දෙරණයි උතුම් මෙ ශ්රී ලංකා
4 comments:
ලංකාව තරම් උතුම් රටක් නෑ... ඒක ලංකාවෙන් පිට ඉන්න අපි හොදටම දන්නවා..
විදෙස්ගත ඔබේ ඔය වදන් අගේ :)
අපූරු පද පෙළක්.. ලෝකෙන් උතුම් රට ලංකාව කියලා අපිට ආඩම්බරයෙන් කියන්න පුළුවන් විදියේ සංස්කෘතියක්, හැදියාවක් අපේ රටේ තියෙනවා.
බොහොම ස්තුතියි ! එවන් පිනැති මිනිසුන් අපි.
Post a Comment