image-from |
ඉරක් සුදු පාට සෘජු ඉරක්
මාවතේ ඇඳලාද අලුතෙන් ඉරක්
නැහැ එ පැරණියි නුදුටුවේ ඇයි මෙතෙක්
පැමිණ ඇත්තේ ඉර මතින් බෝ කලක්
ජීවිතේ හැඩ කරයි හැඩතල ගොඩක්
බොහෝ හැඩතල මායිමේ සෘජු ඉරක්
මකා රවුමට අඳින්නට පාදයක්
සිතේ එනමුදු වක් උනත් එය ඉරක්
ඉරි නොමැති නිල් අහස වගෙ නිදහසක්
තියේවිද ලොව පිරුණු හැඩතල රැසක්
සැදෙයි නොදැනිම එහැඩ මැද මායිමක්
නොදන්නා හැඩයක්, නිසා ඉරි ගොඩක්
2 comments:
වචන ටික ලස්සනට ගලපලා තියෙනවා.එත කවියෙන් අදහස් කරපු දේ ගැන හරියටම තේරුනේ නැහැ.
බොහොම ස්තුතියි ! :) මෙහි මා කියන්නට උත්සාහ ගත්තේ අප කරන තෝරා ගැනීම් නිසා අපේ ජීවිතයට ලැබෙන හැඩතල, එවැන්නක වෙනසක් නිසා මැවෙන නැවුම් හැඩතල, බිඳ වැටීමක් නිසා මැවෙන නිදහස හා හැඩයක් නොමැති විටෙක අප සමීපයේ ඇති තවත් හැඩතල නිසා නිසඟයෙන්ම අප ජීවිතයට ලැබෙන හැඩතල පිළිබඳවයි.
Post a Comment