image-from |
දුර ඈතට එක යායට
හුදෙකලාව ළඟ තනියට
නිදිගත් පියවුණු දෑසට
අඳුර අමුත්තෙක් නූනට
ඇසේ සුළඟ මුමුණන හඬ
දැනේ සිසිල වැහි කෝඩෙක
බිංදු බිංදු ආකාසෙන්
ඇහි පිය මත පොද වැටෙන්න
හමනා සීතල සුළඟින්
මැලවුණු සිත කූද්දන්න
මෙතුවක් කොපුලේ වියලුණු
කඳුලැලි සේදී යන්නට
පිපිරී රතු උන තොල් පට
දියෙන් තෙමා රිද්දන්නට
තණ පලසේ හිස තියාන
මං ඉන්නම් ඔබ එනකන්
බලාපොරොත්තුවේ වැස්ස
දෑස තෙමන් දැන් වහින්න
4 comments:
වැදගත් කවි දෙපදයකි..
හැමෝම ඉන්නෙ බලාපොරොත්තුවෙ දෑස් දල්වාගෙන තමා.. ලස්සන නිර්මාණයක්!
අද හෙටම ඒ වැස්ස වහිනවානම් හොඳයි...
@ amila chathuranga
බොහොම ස්තුතියි !
@ හසිතා
හැමෝම කියන්නත් බැහැ නේද. ඇගයුමට තුති !
@ සයුරි
ඔව්. කුසීත සිත් අවදි කරන්න.
Post a Comment