image-from |
බිංගෙය තුළ අඳුරට වී තනිව හඬන සොවිනි
වැස්සක පෙර නිමිති නොවෙයි කියන්නෙ වැහි ළිහිණි
පැටවු එක්ක කූඩු වෙන්න හදා ගත්ත දුකිනි
කැදැල්ල හොරු ගෙනිහින් අඬ ගසයි කොහිද පුතුනි
දුර ඈතක පිටරැටියන් ගත සවි බල රිසිනී
නුඹෙ කැදළි පිස බොනවලු නුඹ දන්නෑ ළිහිණී
කැදළි වලට වහ වැටිලා ඉන්නා උන් ලොලිනි
පිනවන්නට නුඹේ පැටවු පළිදැයි දුක සිතුනි
කැදලි කඩා විකුණාගෙන ඉන්නා යසි සුරිනී
මහත්වරුනි නුඹේ කැදලි තුටින්ද සැක සිතුනී
සල්ලි නිසාවෙන් අන්ධව සරනා වල් මතිනී
යන්න කොහේ මතු බවයක ඉන්නෙද මනු සතුනී
ස්තුතිය : අදහසට හා ජායාරූපයට බුද්ධික මාවැල්ල සොයුරාට
9 comments:
හා හා.. හොඳයි හොදයි... මේ පාර නම් කවියේ අර්ථයත් මට තේරෙනවා..
ඒක හොඳයි. හරි සතුටුයි !
නිර්මාණාත්මක බවින් ඉහළයි...
nice...
@ ඉන්ද්‍රජිත්
බොහොම ස්තුතියි !
@ Shadow/හේමලයා
thanx !!
Excellent..
Thanx a lot !!
කාටත් අමතක වුණ ඉසව්වක්... මරු..
අහම්බෙන් දැනගත්තෙ. මතක් කල බුද්ධික සොයුරාට යළි යළිත් තුති.
Post a Comment