image-from |
දෑත දැවටෙන සිනිඳු සේල
ඇතිරු ලෝකයක් ගැන පේන
හීන හිරිමල් සොඳුරු බෝම
තැවරු ඇඟලුමින් නිමි පාට
ගැලපෙනම සළුව තෝරන්න
සමත් දිලිසෙන යොවුන් දෑස
නොදත් දේ රැසයි තෝරන්න
ටිකයි දැක ඇත්තෙ තව බෝම
ගෙදර ගෙනියන්න අවුරුද්ද
සළු අතර නිදි වරයි රෑද
කතා දුක්බර හිතේ බෝම
තියාගෙන හිනා වෙනවාද
7 comments:
ඒල..
@ වර්ෂා..
thanx !
@ ඉන්ද්‍රජිත්
තුති !
ළමයත් shopping ගිහින් වගෙයි.. කොහොම උනත් කතාව ඇත්ත!
'නොදත් දේ රැසයි තෝරන්න
ටිකයි දැක ඇත්තෙ තව බෝම'
එහෙනං :D ස්තුතියි !
හපෝ ෂිපින්....
කවිටික ලස්සනයි.
හරිම අපූරු කවි ඇසකින් අපේම සොහොයුරියන්ගෙ කඳුලු කතාව කවියෙන් සිත්තම් කරල තියෙනවා.
මේ කවියේ අදසහම කපුගේ ගීයකින් කිව්වා " වැරහැලි ඇඳන් අඩු කුලියට සලු මසන කුමාරී" කියල මට ඒක මතක්වෙනවා. ඔන්න මමත් අද ඉඳල මේ පැත්තේ එනවා
@ අසරණයා
බොහොම ස්තුතියි !
@ දයානන්ද රත්නායක
බොහොම ස්තුතියි !
සළු මසන සොයුරියන් වගේම නිමි ඇඳුම් අලෙවි කරන සොයුර සොයුරියනුත් උත්සව සමයේ බොහොම දුෂ්කර සේවා කාලයක් ගෙවන්නෙ.
සාදරයෙන් පිළිගන්නවා !
Post a Comment