image-from |
නිසසල දියේ තුරු සිරසේ ජායාව
සරතැස නිවේ ඇය පාමුල හේඩාව
සුවඳට මලේ සිත නිවෙනා සේයාව
සුළඟට දියේ මල් වැටෙනා වේලාව
කළුවර වෙලා මුළු අහසම ගුගුලාම
වියරුව මහා වැසි දිය මත වැටුණාම
පතුලද විලේ කැළඹෙයි මඩ දුටුවාද
චංචල දියේ නොගැඹුරු බව දැනුනාද
වැස්සට දියේ එකිනෙක මල් ගිලුණාට
හිරිකඩ හිතේ සුන්දර තැන් තෙමුවාට
කැඩපත දියේ විසිරුන රුව මැකුවාට
ඉඳහිට වැටේ පත් අග රැඳි පිනි දියට
9 comments:
හොද කවියක්
"චංචල දියේ නොගැඹුරු බව දුටුවාද.."
නියමයි.. :))
@ ඉන්ද්‍රජිත්
ස්තුතියි !
@ හසිතා
තුති :)
නියම කවියක්.ලස්සන වචන ගැලපීමක්.
ඇගයුම වටී. පුදමි තුතී !
ලස්සන පැදිපෙල, ගොඩාක් රසවින්ඳා රසික මල්ලී
බොහොම ස්තුතියි. හරිම සතුටුයි !
ගොඩාක් ලස්සනයි.. හිත උඩට පිනි වැටුණා වගේ දැනුනේ.
බොහොම ස්තුතියි !!
Post a Comment