සිරිපා වැන්ද ඉර පෙරඹර නැඟ එනවා
සමනලයින්ට කලියෙන් අපි ඇහැරෙනවා
බැරි බර හිස තියාගෙන කන්දේ යනවා
තටු නැති අපට කන්දම පිහිටක් වෙනවා
රත් වූ පඩි ගැටී යටි පතුලම දනවා
ඉර ලං ලං වෙලා දාහෙන් බැට දෙනවා
කන්දේ වැඩ ඉන්න දෙයියෝ දිරි දෙනවා
කරුණා කරන ඇත්තෝ ඉස්සර වෙනවා
ලන්දේ දුවන පොඩි උන් මවු නළවනවා
ගින්නේ හිටන් උන්ගේ බඩ පුරවනවා
ඝණ්ඨා හඬට දෙපයත් ඉක්මන් වෙනවා
මං එනතුරා කඩයේ ලිප ලතවෙනවා
7 comments:
හිරුට කලින් සඳු සිරිපා නමදිනවා..
අපි ඇහැරෙන්න පෙර දෙවියන් ඇහැරෙනවා..
කොයි බර උනත් සකිසඳ අපි උහුලනවා..
වීරිය දහිරිය අපෙ තටු යුග්මය වෙනවා..
අර පුංචි පුංචි කඩ ගැනද මේ තියෙන්නේ?
@Kalpa Senanayake
හෙට දින මේ නිල් අහසයි
පොඩි උන් සමනල රෑනයි
@සයුරි
ඒ කඩ වලට දර දිය අදින මිනිසුන් ගැන
ජීවිතය ගැටගහන්න සිරිපා කරුණා කරන මිනිසුන් ගැන ලස්සන කවියක්..
වෙනදා වගේ ම විශිෂ්ටයි..
දන්නවද මට මතක් වුණේ මොකක් ද කියලා??
“බොරලු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවා ගන්න...“ සිංදුව.
දුංහිඳ ඇල්ල ළඟ පුංචි කඩවල්වල ජීවිතේ ගැටගහගන්න මිනිස්සු ගැන කියවෙන ගීතයක්..
දීපිකා ප්‍රියදර්ශනීට ඒ පද රචනාව ලැබුණෙ අප්‍රසිද්ධ පද රචකයෙක්ගෙන්ලු. රසික, ඔයා වගේ කෙනෙක් වෙන්න ඇති.. :)
@ dulshan nawarathne
බොහොම ස්තුතියි !
@ හසිතා
ඇගයුමට තුති ! මිහිරි ගීයක දුක්බර පසුබිම.
මේ කවි ටික නම් පංකාදුයි..
Post a Comment