image-from |
රෑක සීතලට පිපුණු රෝස මල
කවුරු දනීවිද රෑක පිපුණු වග
නීල දෑස වැසිලා හිස වැස්මට
රෝස පාට කම්මුල්
පාව එන්න හැකිනම් සුළඟේ මට
හාදු දෙන්න තහනම්
මා එක්ක ඇවිදින්න හැන්දෑවෙ තනි වෙන්න
එනවාද සඳ මඬල හැර කින්නරී
ඔබ ඉන්න ඔය සඳලු තලයටම පැමිණෙන්න
සඳ එළිය හිමි කුමරු මම නොම වෙමී
කීව දේක අරුතක් නැතුවත් මට
දෑස දෙතොල සිපගත්
ආදරේට සුවඳක් ඇතිනම් එය
මාද දනිමි දැන්නම්
අප අතරමං කරන ලැව් ගින්න ඇවිලේද
රෑ පිපුණු මල රෝස වනසාවිදෝ
ඔබ යන්න දුර යන්න කාලයයි සමුගන්න
රෑ අහසෙ පායන්න සඳ රාජිනී
මඟ කීවේ :
0 comments:
Post a Comment