image-from |
ඇගේ ජායාව අන්තිමට දුටු හිමිදිරිය
අන්ධකාරය ඉරා නැඟුණු ඒ හිරු එළිය
තෙතක් නොතිබූ පොළව පැළී ඉරි තලා ගිය
නිවෙන්නට ගලා හැලෙනා සුමුදු සඳ එළිය
නැවුම් දෙයකට කියා කුලී කුටියට තිබුණ
සුවඳ මල් වල පිපුණ වැටේ කවුරුද නෙළන
හුරු පුරුදු කටහඬක් ආයෙමත් ඇහෙනවා
මගේ නෙතු ඉමේ ඈ කූඩුවක් හදනවා
කඳුළු මඟ කීවාද උල්පත සොයා ගන්න
නුඹේ මොළකැටි හදට බැහැ මගෙන් පළි ගන්න
නවාතැන් කවුළුවෙන් මට ඈත පෙනෙනවා
නුඹේ සෙනෙහස වින්ද මට එහෙම හිතෙනවා
හැමදාම මල් පිපෙයි ඇවිදින් නෙලා ගන්න
වැහි වලාකුළු මැකෙයි සඳේ නුඹ පායන්න
සතුට කඳුළක් වෙලා නෙතු අගට උනනවා
කුලී නිවහන ඈත කුඩාවට පෙනෙනවා
0 comments:
Post a Comment