image-from |
උදා වන්නට පෙර වසන්තය
හැඳින සිටියාදෝ නොදන්නෙමි
නමුත් පෙර මා මගේ ඇසුරින්
මේ තරම් නුහුරක් නොවින්ඳෙමි
නුඹේ දෑසින් දුටුව මිරිඟුව
මගේ හද ගත් මගේ පිළිරුව
බොඳ වෙලා නුඹ නැතිව අතරට
තිබේ නටඹුන් බරට ඉතිරිව
දෙසවනින් මා බොහෝ රසවිඳි
නුඹ ගැයූ මා ලියූ පෙම් කවි
හදේ ගැඹුරුම තැනුත් කැලතිනි
පසිඳලන්නට අරුත නොදනිමි
සිහින අහසට නැඟී පියඹා
යාවි ඈතට රාව නංවා
ඒ විහඟ තටු අග රැඳී තිබු
බිංදු පිණි කැට විසිරිලා
0 comments:
Post a Comment