source |
සුක්කානමකි ලබනා දෑතේ පහස
රත්වූ එංජිමකි ගත උණුසුම දෙවන
දවසේ වැඩි හරිය ඒ සමඟින් ගෙවන
මැණිකේ දුකයිදෝ මා හා ආ එකට
යන්නේ නැතුවාම ගොඩ වුණු විගසින්ම
අම්මා මගේ සිහිකරලා බැන්නාට
උන්දෑ පින්දේය කන බත් අහුරක් ගාන
දන්නේ නැතුවාට ඔබ කළුදැයි සුදුද
ඉඳ හිට දුවන්නේ සැර කර එංජිමට
අල්ලන්නට නොවේ හඳ අහසේ තියෙන
වීරිය කරන්නේ රෑ දාවල් නැතුව
පුතුගේ උරුමෙ සුක්කානම නොම වෙන්න
1 comments:
හොද රියදුරක්ගේ පැත්තෙන් බලනකොට ඇත්ත...
Post a Comment