source |
ගහ කොළ සිප හමා එන මල් සුවඳ මුදු
වෙනුවට ළය සුසුම් වී ඇත හුරු පුරුදු
දූවිලි මුසුව එන පසු කර ගඩොල් කඳු
ගිනියම් මඳ නලට විලවුන් පහස ලදු
කටවල් යකඩ යදියන් තරඟෙට ගයන
ගී පැණි මී පුරාලයි දෙසවන් බඳුන
හඬ නෑසුණත් අඳුරේ බටලී වයන
රෑ නින්දෙදිත් නැහැ තනිවන්නේ සවන
වෙරළත රැළි නටයි පොඩි උන් කැන්දාන
පෙර උන් මා පියන් අත් වැල් බැඳ ඇදුන
සිනමා තිරෙක ඇඳෙනා දකිනා සිහින
දැනෙනා සුවඳ නානා මසවුළු පිසින
විදුලිය එළිය දෑසම කරනා එකලු
ගමනින් බළල් යනෙනා ලිය දැකුම්කළු
සැන්දෑ අඳුර විත් වැසුවත් ගම කවුළු
රෑටත් ලොවක මෙහි යළි හිරු පායයිලු
0 comments:
Post a Comment