source |
උදේ හය හමාරට හතරට හවස
හොඳට නින්ද යන වෙලාවල් දෙකට
එන්ජිම සද්ද කර ගව් ගානක් දුරට
එනවා නළා පිඹගෙන කන්නට දෙන්ට
බයිසිකලේ පැද එන අයියට වැඩිය
රෝස් පාං රුපියල් දෙකකුත් වැඩිය
අනිත් ඒව ඒ හැටි වෙනසක් නැතිය
පෙට්රල් ගනං හින්දා වන්නට ඇතිය
මේවා කියන්නේ තරහට නොවෙ හරිය
උඹෙ අත වීරියෙන් පවුලක් ගොඩ ඇතිය
කට කහනවට කිව්වට මේ සිව් පදය
බේකරියක් ගන්ට උඹටත් කල් ඇතිය
1 comments:
අපේ ගෙවල් ලගත් යනවා මෙයින් එකක් .පොඩි බට්ටා වෑන් එකක් ....
Post a Comment