photo-from |
කයි බොයි නටයි ගයයි
හැපෙයි වැලපෙයි හිනාවෙයි
සිතයි කයයි වචනයයි
ඉන්නකං මේ හැම කරයි
අන්තිමේ කවුරුත් මැරෙයි
සමහරු සුගතියට යයි
තවත් සමහරු අයෙ එයි
නො එන අය නැතුවාම නොවෙයි
නොහොබි දේ කල අයයි
මුවින් ගිනි දුන් අයයි
නපුරු සිත් ඇති අයයි
අවසානෙ යන්නෙ දුකටයි
සියල්ල අනියතයි
තණ්හාව එනිසා දුකයි
නැවතීම නම් සැපයි
යා යුතුම තැන නිවනයි
අදහස : මා උගත් බුදු දහම ඇසුරින්
6 comments:
යා යුතුම තැන නිවනයි...
වටින කවි පේලි.. :D
"යා යුතුම තැන නිවනයි"
හරිම ලස්සන කව් පෙලක්..
@පබලු & @Dinesh
බොහෝම ස්තුතියි !! ඇගයුම සවියක්.
මට දහම් පාසලෙදි සම්පූර්ණ පාඩමක් කරන්න පුලුවනි. ඒතරම් වටිනවා.
දහමයි ඇදහුමයි
පද පෙළම හරි අගෙයි
කවි සිත විකසිතයි
ඔබට තුති මල් මිටයි
හසිතටයි සයුරිටයි
බොහොම ඉස්තුතියි !
Post a Comment