image-from |
බිත්තියේ කඩතොලු වසා
කිරි පාට පොටි හැන්දක උලා
ගෙදර හිඟකම් හිත හිතා
කණ පාට පැල්ලම් යට කළා
කොලේ වැල්ලෙන් හීරිලා
සමතලා වෙන බිත්තිය බලා
දූලි දුම් සුසුමන් හෙළා
සමසමාජය සිහිපත් කළා
දූගෙ කම්මුල් පැහැ මවා
ලා රෝස සායම් තැවරිලා
පිට හීන මන්දිර හැඩ වෙලා
ණය කාසි ළඟ අසරණ වෙලා
පොටි - බිත්ති සුමට කිරීම සඳහා භාවිතා වන බදාම විශේෂයකි.
7 comments:
සුවිශෙෂී අදහසක්...
පද යොදාගෙන එකොණ මෙකොණ යා කර හැටි අපූරුයි මල්ලියේ. නුඹේ කවිසිතට, තෙළිතුඩට ජය!
වැඩියෙ යමක් ලිව්වොත් පදපෙලේ අගය අඩුවේ දෝ බයකි, අවසරයක් නැතිවම මේ නිර්මාණය මුහුණුපොතේ ෂෙයාර් කරනවා.
@ ඉන්ද්‍රජිත්
නිසාවෙන් දුටු සැබෑ දසුනක්. තුති !
@ ගල්මල්-Coral
අදහස ඔබ සිත සිත්තම් වී නම්
ඔබේ මිතුරනුත් රස වින්දානම්
සතුටුයි. ස්තුතියි !
පේන්ටින් ඉාස් කෙනෙක් වුණත් මට මතක් වෙන්නෙම කපුගේගෙ
"අහස උසට නැග ගියාට නැහැනෙ අහසෙ රැඳෙන්නේ
අහසෙ මාලිගා හැදුවට අපි පොළවෙයි හිඳින්නේ" ගිතය
අපුරු කවි සිතුවිල්ල.
නමුත් ඔවුන් දෙපිරිස මුහුණපාන වෘත්තීය අත්දැකීම් හා දුෂ්කරතා විවිධ යැයි හැඟේ. බොහෝම ස්තුතියි ඔබේ අදහසට හා ඇගයුමට !
විකසිතේ කියවූ විශිෂ්ටතම කවි නිර්මාණ වලින් එකකි..
අගේ ඇති ඇගයුමකි විකසිත ලද :)
Post a Comment