image-from |
හාත්පස ඝන අඳුර වපුරා
වැටෙන වැහි කාලයක් තිස්සේ
දරා ගන්නට නොහැකි මොහොතේ
ගලා යන ලෙස ඉවුරු බිඳගෙන
ළයේ මා හිස හොවා කඳුළින්
දොවාලයි හදවත රිදුම් දෙන
වැටෙන වැහි කාලයක් තිස්සේ
දරා ගන්නට නොහැකි මොහොතේ
ගලා යන ලෙස ඉවුරු බිඳගෙන
ළයේ මා හිස හොවා කඳුළින්
දොවාලයි හදවත රිදුම් දෙන
ඉතාමත් දුර ඈත අහසට
යොමා දෑසම බලාගෙන නුඹ
හිඳිද්දී සිර ගත විලාසෙන්
කිරිල්ලියෙ කෙලෙසක දරන්නද
නුඹේ ප්‍රේමය දරා ගන්නට
මගේ හදවත කුඩා වැඩි බව
පසක් කළ ඒ ගෙවුණු කාලය
අතරමග මඟ හැරුණු ආලය
2 comments:
"නුඹේ ප්‍රේමය දරා ගන්නට - මගේ හදවත කුඩා වැඩි බව"
ම්ම්ම්... ඒතරම් විසාල ආදරයක්... මගෑරෙන්න දෙන්න එපා.... කවදාවත් ප්‍රමාද නෑ ආපසු හැරෙන්න!
හුඟ කාලෙකින් විකසිතට ආවෙ. සන්තෝසයි. තාමත් අමතක නැති එකට
Post a Comment