source |
පමා වී අවදිව
කලියෙන් රතු ඉරට
හති වැටී හනිකට
හැල්මෙ දිව යන මඟට
රුදු සපුන් මුව සාවුන්ට
දිලිසෙන දෑස් මානන
සුසුමත් ඇසෙන තරමට
නිහඬ දඩ බිමට
සසර හුරුවට හමුව
දොඩමළු වු දෑසක
අනිමිසය බිඳිමින්
අමතක වු වටපිටාවට
පැද්දි පැද්දී හෙමිහිට
නටුවෙන් ගිලිහිලා සුළඟට
ඔච්චමට වාගේ වැටෙන
වේලිච්ච කොළ
2 comments:
ලස්සනයි!
ස්තුතියි !
Post a Comment