image-from |
උදේ ඉඳන් රෑ වෙනකම් මේ රවුමේ
පීනනවා තාමත් මම එක පිම්මේ
ලෝකය නුඹේ එපිටින් වීදුරු බැම්මේ
විනොදයි හරිම මේකද මගෙ කරුමේ
වතුර අස් කරල පිරිසිඳුවට ඇත්නම්
කෑම නොසොයාම වේලාවට එයි නම්
වැඩපල කරන්නට වෙහෙසෙන්නට නැත්නම්
වෙන සැප කොහිද ඔය වගෙ ඉන්නට ඇත්නම්
ඇළ දොළ තියෙනවලු ගහ කොළ දිය පිරුණු
දැක නැති උණත් හද වරුනාවට පිරුණු
තැනකට මා වැනිම තව අය හට ඇරුණු
යන්නට මටත් ආසයි ළමයෝ කුළුණු
ඇළක දොළක නුඹ ගෙනිහින් දැම්මොතින්
විසකුරු මාළු ඇවිදින් යයි නුඹව අරන්
අහසින් උණත් එන්නට හැක නපුරු සතුන්
නුඹව ගිලින්නට පුළුවන් එකම කටින්
අනේ ඉතින් තව උන් එහි ඇතිනෙ තුටින්
ඔය දෙවල් වලට දිරියෙන් මුහුණ දෙමින්
මට සුර සැපයි සමඟින් මා වැනිම මසුන්
නුඹටත් දැනේ වී තනිවු දිනක තදින්
12 comments:
මේ අපේ ගෝල්ඩ් ෆිෂ් නේ..
ජය,,
ඒක ඇත්ත.. මාලුන්ව ටැන්කිවල දාලා හිර කරන එක ඔක්කොටම වඩා පව්..
දැන් බෝතල් වල දාලා හදපු මාලුවෙක්ව නිකමට වගේ පොකුනකට දාලා බලන්න මොකද වෙන්නේ කියලා.... උංව වෙන සත්තු ගොදුරු කරගන්නවා.
ටැංකිවල ඉන්න මාලු හිතාගෙන ඉන්නේ උන්ට ජෛවීය සතුරෝ නෑ කියලා... ටංකිවල ඉන්න එවුන්ව ගංගා ඇල දොල වලට දානවනම් උංට ප්‍රායෝගික ජීවිතය ගැන ට්‍රේනින් එකක් දෙන්න වෙනවා.
@Prasanna
හරියට ස්විමින් පූල් වල පීනන්න ඉගෙනගන්න කට්ටිය ඇළක දොළක පීනන්න දන්නෙ නැ වගේ..
මාත් ඉස්සර නම් මාළු ඇති කලා.. ඒත් දැන්නම් නෑ.. අපූරු කව් පෙල යාළුවා...
@Gayan
බොහොම ස්තුතියි !
@හසිතා
එකඟයි ! කොයි සතාටත් නිදහස හරි වටිනව.
@Prasanna
අගේ ඇති පැහැදිලි කිරීමක් :)
@Dinesh
මමත් ඇති කළා ඉස්සර. බොහොම ස්තුතියි !
ලස්සනයි අය්යෙ..
@වර්ෂා
බොහොම ස්තුතියි !
නියම කවි පද පෙලක් මචං...keep up ur good work...!!!
@ Eshan
බොහෝම ස්තුතියි මචං your words keep strengthening me :)
fatta ah)))))))))))))
@Nirosh
thanx machan :)
Post a Comment