source |
පාවෙන සැහල්ලුව පොඩි සුළඟටත් හැමූ
හැකිලෙන දිගහැරෙන හරි පහසුවෙන් මුදු
ඵලයෙන් මිදෙන විට පිරිසිඳු සුදුම සුදු
වාගේ නොවෙද හිත අපගේ පුළුන් කපූ
සායම් කහට නෙක නෙක විසිතුරු පාට
සෝදාලන්න උගහට ගෑවුණු දාට
වාගේ තණ්හාව දැවටෙන හිත අවට
නෙක පාට ගා හිත අවලස්සන කරන
ගිනි පුපුරකට හසුවී දැවෙනා දාක
සුළඟයි සුලබ නෑ වැසි නිවනා දාහ
වෛරී ගින්න සිත් මල දවනා විටෙක
සෙවණක් වටි සුළඟින් සැඟවී ඉන්න
4 comments:
ඒ මාතෘකාවෙයි කවියෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද පින්තූරෙට? මට එච්චර ඒක පැහැදිලි නෑනෙ..
පුලුන් රොදකින් මිනිස් හිතක තියෙන ලක්ෂණ නිරූපණය කරන්නයි උත්සහ කලේ. උපමාව මාතෘකාවටත් උපමාවට ලක් උන "හිත" පින්තූරයටත් යොදා ගත්තා. හිතේ පින්තුරයක් නොලබුනු නිසා හිතන පින්තුරයක් භාවිතා කලා.
ආ, දැන්නම් පැහැදිලි උනා. පින්තූරෙන් පෙන්නන්නෙ කල්පනා කරන මනුස්සයෙක් නෙ.. ඒ වුනාට ඒක ටිකක් සන්කීර්ණයි වගේ නේද? :)
හිත කියන්නෙත් බොහොම සංකීර්ණ දෙයක්නෙ :)
Post a Comment