source |
ඇසිපිය හෙළනා මොහොතක
සැණෙකින් ළංවී
ඇස රතු කල කාරණාව
ඈ නොම දන්නී
පොඩි කරන්න එපා දෑස
තව පෑරේවී
කඳුළු එක්ක ඔබ හඬනා
දිය වී යාවී
නොපෙනෙන ඇස රිදවූ දේ
සොයාම වෙහෙසී
සොයාම වෙහෙසී
නිදාන ඈ එය ඇසේම
නිදන්ව ඉද්දී
කඳුළු මිඳුණු දෙකොපුල්
හීනෙන් හිනැහෙද්දී
තිබුණා රොඩ්ඩක් ඔය නෙතු
කෙවෙනියෙහි රැඳී
ඉවත ගිය පසුද එය ඇස
හැරදා පැරදී
දැනේවි බෝ කල් කිසිවක්
ඇති සේ ඇසෙහී
1 comments:
ඒ ඉතින් හැටිනෙ.. පරණ දේවල් ගැන හිත හිතා පසුතැවෙන එක මනුස්ස ගතියනෙ..
Post a Comment