source |
මිහිරි ගී රස
මට කියන්නේ නෙතක්
විඳින කෙනෙකුගෙ ගීය
මළගමක වැලපිල්ල
මට කියන්නේ පොදක්
කඳුළු නෙතකින් වැටුණ
පිළුණු රළු වදන්
මට කියන්නේ රතක්
වෙළුම් පටියක රැඳුන
දෝතින්ම තදින්
වසා දෙසවන්
අහන්න
මට ඇසුණ නැළවිල්ල
හිත රිදවු වැලපිල්ල
පෙම්බරම මිමිණිල්ල
මගෙ ලෝකෙ හඬ
2 comments:
ලස්සනයි..
ස්තුතියි !
Post a Comment