image-from |
පියන් නැති කවුළුවෙන් සුළං ගෙතුළට වදී
වහලෙ උළු කැට නැතිව පොළව හිරු රැස් විඳී
රේල් පාරට එහා බිඳුණු ගඩොලින් සැදී
සුනාමිය බිඳපු ගේ සොවින් තාමත් හිඳී
උන්නු අය අතින් මෙහි වුණිද වරදක් මදී
අසයි මේ නිවස නිති නැගෙන රැල්ලෙන් බිඳී
ගැඹුරු මහ සයුර මොනවදෝ සඟවා හිඳී
රැල්ල මඟ හරී හැමදාම උත්තර නොදී
පොඩි පැටව් කෙළිදෙලෙන් හිඳී රළ හා බැඳී
පෙම්වතුන් එදා වාගෙම තවම එයි ඇදී
රේල් පාරෙන් එහා තනිව අදටත් රැඳී
සොවින් ඔබ සිහි කරන්නෙද සයුර කළ හදී
2 comments:
අදයි මුල් වතාවට මේ පැත්තේ ආවෙ.දිගටම එන්නම්.
සාදරයෙන් පිළිගන්නවා :)
Post a Comment