image-from |
අක්කෙ අක්කෙ මේ බලන්න
වත්තෙ පිරුණු වතුර ගොන්න
සුදු පෙණ කැටි ගොඩක් වගේ
පීල්ල පාමුල බලන්න
මල්ලි මල්ලි මෙහෙට එන්න
යන්න එපා දැන් තෙමෙන්න
අම්ම කිව්ව මතක නැද්ද
ගනීවි උණ රෑට ඔන්න
හුළඟේ හෝ හඬ අහන්න
ගස් ඇඹරෙන හැටි බලන්න
හිරිකඩ ඉස්තොප්පුවේ
ඇඳපු රටා හැඩයි නේද
වැස්සත් වැඩි කරලා දැන්
අකුණු ගහන හැටි බලන්න
හනිකට ගේ තුළට එන්න
නැතිනම් මං යනව යන්න
අක්කෙ අක්කෙ ඔහොම ඉන්න
මාත් එනව බයයි ඉන්න
සුදු කරදහි බෝට්ටුවත්
වතුර පිරී ගිලෙයි අන්න
6 comments:
ඊයෙ මහ වැස්ස දැකලා පහළ වුණු සිතුවිලිද කොහෙද... :-)
එහෙනං :D
සැරට තිබ්බ දැනුත් පින්න...
හදිස්සියෙන් ආව එන්න...
ලස්සන කවි පෙළක් දැකල...
කොමෙන්ටුවක් දැම්ම ඔන්න...
ලස්සන සිතුවිල්ලක් යාළුවා... පොඩි කාලේ මතක් උනා..
පොඩි කාලේ මතක් උනා !!!!!
@I cant explain it
තුති ඔබේ සහයට !!
@Dinesh
බොහොම ස්තුතියි !!
@ඔබ නොදුටු ලොවක්.....
මිහිරි මතක :)
Post a Comment