image-from |
රෝස මලක්
රතු රෝස මලක්
මං
දෝත දරාගෙන උන්නා
බඹර රැළක්
නාඹරම කැලක්
රොන්
ගන්න වගේ ලං වූවා
කෝල කරන්
බඹරාන කෙනෙක්
ලං
වෙවි කියා අත් පටලා
රෝස කටුත්
වැද බඹර දලත්
ලේ
දෑත තෙමද්දිත් උන්නා
වීර කවක්
රතු පාට ලෙයින්
රතු
රෝස මලේ නුඹ සන්දා
ලීව බවත්
හිමි කාර මමත්
බව
කීම සඳා අත් මිදුවා
අහෝ ...
මාගෙ සුරත්
සිරකාර බැමිත්
ඔබෙ
රෝස පෙතිත් පොඩි කරලා
රෝස පතක්
මත කඳුළු බිඳක්
රතු
පාට ලෙයත් බොඳ කෙරුවා
11 comments:
as always niyamaiii
thanx prabu !!
නාඹර ඹමරෙක් ඇවිත්
කදුළින් තෙත් කර රෝස මලක්
යන්න ගිහින් මලටත් රහසින්
මල් රොන් ගෙන පෙති අතරින්....
සාර සියක්
කවි කීව කෙනෙක්
මම
මෙහෙම කවක් දැක නැතුවා
නේක විරිත්
බැඳ ගේන අරුත්
නුඹ
බෝම වියත් මට සිතුණා :))
@Dinesh
තවත් මානයක්. අගෙයි !
@සයුරි
සාර සියක්
කවි කීව කෙනෙක්
මට
මේම කිව එක අගනා
දන්න විරිත්
නම් බෝම හිඟයි
දුර
වියත් බවට බෝ ඇතුවා
පිස්සු හැදෙනවා...
රසික නුඹත්
කවිකාර පොරක්
වග
බෝම කලක සිට දැණුනා
නේක දුරක්
තව යන්න නුඹේ
මග
පහන් වැටක් දැල්වේවා...
@I cant explain it
සෝමෙ මචං
හැමදාම වගෙ
නුඹ
දීපු දිරිය හරි වටිනා
හරිම හොඳයි
ඇගයුම කදිමයි
කවි
ලියන තැනට නුඹ වැටුනා :)
"තණ්හාය ජායතී සෝකෝ"...
රෝස මලක්
මම රෝස මලක්
ඒ නමුත් නුඹේ කවි
අද දුටුවා,
ආයේ ඇවිත් නුඹේ
නේක විරිත් පද
රසය විඳිමි මම
මදි නොකියා,.
මගේ නමෙත් රෝස මල් කොටසක් තියෙනවා, ඒකයි මම රෝස මලක් කිව්වේ, කවිය හරිම ලස්සනයි..
බොහෝම ස්තුතියි . සාදරයෙන් පිළිගන්නවා !!
Post a Comment